e> .: Sithivili

Sithivili

  • හිමි නොවූ ප්‍රේමය 

හිමි නොවූ ප්‍රේමය ...
ආඩම්බරයෙන් බලනා බැල්මට ....
ඉදහිට ලැබෙනා පුංචි හිනාවට ....
පොඩ්ඩක් කඩිසර ඒ හැඩ ගමනට ....
කොතරම් තනියම පෙම්කලාද මම ......
                              -"InviNcible"-
  • නුබවම සොයයි මා නොනිදන මේ යාමෙ

පිපෙන මල් කැකුලු විමසයි නුබ ගානේ
හමන මද පවනවත් නොකිවෙද මා ගානේ
නුබවම හැගෙයි මා නොනිදන හැම වාරේ
නුබ නැ සිටියෙ ඉදහිටවත් මගෙ නෙතු මානේ ....!


  • බසයේ තනිවම

කිමද කිවිද තව කවිපද නොබදින්නේ
පාඩම් තුල කිමිදීලද ඔබ ඉන්නේ
බසයේ තනිව යන මට කවි මිමිනෙන්නේ
පාඩම් කුමට මයිලෝ රසයේ කිමිදීලයි මම ඉන්නේ


  • මිරිගුව පසුපස

වෙහෙසයි ,මට හරිම වෙහෙසයි
ලුහුබැදපු මිරිගුව
හති වැටුනු හිත
ආයෙ නම් බැ තව යන්න
ආ දුරත් බොහෝ වැඩියි
ගිමන් හල එපා මට
දිය පොදක් වත් එපා
මම හැරෙන්නම් මෙහෙමම
අනුන් හිතසුව දෙවන ගමනට
පොඩ්ඩක් ඉන්න වලලන්න
මතක ගොඩ මිරිගුව මැව්ව